සුඩානයේ පවතින ගැටුම්වලින් 3,000ක් පමණ මරුට – තවත් සිරුරු දහස් ගණනක් වීදිවල සහ නිවෙස් තුළ

සුඩානයේ පවතින ගැටුම්වලින් 3,000ක් පමණ මරුට – තවත් සිරුරු දහස් ගණනක් වීදිවල සහ නිවෙස් තුළ

යුද්ධයෙන් විනාශ වූ බටහිර ඩාර්ෆූර් හි අගනුවර වන El Geneinaහි වැසියන් නගරය පුරා පවතින ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දැඩි අසීරුතාවකට මුහුණ දී තිබෙනවා

පවතින ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඔවුන්ට ඥාතීන්ගේ සිරුරු පවා භූමදාන කිරීමට අවස්ථාවක් නොමැතිවීම හේතුවෙනුයි

මේ වනවිට නගරය පුරා තිබූ සිරුරු 500ක් හඳුනාගෙන ඇති අතර තවත් දහස් ගණනක් සිරුරු වීදිවල සහ නිවෙස් තුළ පවතින බවටයි ඔවුන් විශ්වාස කරනු ලබන්නේ .

ප්‍රදේශවාසීන් සහ සිවිල් සමාජ කණ්ඩායම් ද මේ මස මුලදී වීදිවල දමා ගිය සිරුරු පිළිබඳව සඳහන් කර ඇති අතර , නගරයේ පවතින දරුණු සටන් හේතුවෙන් බොහෝ සිරුරු භූමදානය කිරීමට නොහැකිව ඇති බවයි සඳහන් කර ඇත්තේ

සුඩානය පුරා, ගැටුම ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 3,000 ක් පමණ මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය Haitham Ibrahim පවසා තිබෙනවා

Share This