සුඩානයේ වෙළඳපොළකට එල්ලවූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් 20කට වැඩි පිරිසක් මරුට

සුඩානයේ වෙළඳපොළකට එල්ලවූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් 20කට වැඩි පිරිසක් මරුට

සුඩානයේ අගනුවර වන කාර්ටූම් හි උපනගරයේ වෙළඳපොළකට ෂෙල් වෙඩිප්‍රහාර එල්ලවීමෙන් පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සුඩාන හමුදාව සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) අතර ඇති වූ දැඩි වෙඩි හුවමාරුවකින් පසුව Omdurman හි ජනාකීර්ණ වෙළඳපොළට ප්‍රහාර එල්ල වී ඇති බවයි රාජ්‍ය නොවන කණ්ඩායමක් වන සුඩානයේ හදිසි නීතිඥයින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ

ජනාකීර්ණ ප්‍රදේශවල දිගින් දිගටම සටන් කිරීම සම්බන්ධයෙන් සටන් කරන පාර්ශ්ව දෙක හෙළා දකින නීතිඥවරු සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා .

අප්‍රේල් මැද භාගයේ ආරම්භ වූ සටන් වලින් 9,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් මිලියන හයකට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව සඳහන්

Share This