සුඩානයේ සටන් විරාම අතරමැද ගුවන් ප්‍රහාර සහ සටන්

සුඩානයේ සටන් විරාම අතරමැද ගුවන් ප්‍රහාර සහ සටන්

සුඩානයේ ගැටුම් ආරම්භ කළ දා සිටම බොහෝ රටවල් තම වැසියන් එරටින් ඉවත් කර ගැනීමේ උත්සාහයන්වල නිරත වනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය ජාතිකයන් රැගත් ගුවන් යානා දෙකක් ඊයේ (01) සුඩානයෙන් පිටත්ව ගොස් ඇති අතර පුද්ගලයින් 2,200 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම අතර සටන් විරාමයක් පැවතිය ද සති අන්තයේද ගුවන් ප්‍රහාර සහ සටන් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණය වෙමින් සුඩාන ජනතාවට මානුෂීය ආධාර සැපයීමට උත්සාහ දරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This