සුදු පැහැයෙන් වෙලාගත් යමුනා නදිය

සුදු පැහැයෙන් වෙලාගත් යමුනා නදිය

දිල්ලි නගරය කේන්ද්‍ර කරගනිමින් ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන්ම ඝන, සුදු පැහැති පෙණ තට්ටුවකින් වැසී ගොස් තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනයේ සිට මෙම තත්ත්වය නදිය තුළින් දැකගත හැකි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දැඩි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යමුනා නදියට එකතු වීම නිසා එහි අපවිත්‍ර බව වැඩි වශයෙන් සිදුවීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඉන්දීය පරිසරවේදීන් ප්‍රකාශ කළ බව සඳහන්.

කෙසේවෙතත් මෙම වසරේ නොවැම්බර් 5 වන දින ඉන්දීය ජාතිකයින් සමරනු ලබන ඡත් පූජාවට හින්දු බැතිමතුන් යමුනා නදියේ දිය ස්නානය කරන අතර ගංගාව අතිශයින් අපවිත්‍ර වී ඇති නිසා උත්සවවලට බාධා ඇති විය හැකි බව වාර්තා වනවා.

Share This