සුනාමියෙන් සිදුවූ දේ ගැන සොයන්න ටොංගා රාජ්‍යයට ගිය ගුවන් යානය
පැසිෆික් සාගර කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ මීට දින කිහිපයකට ඉහතදීයි
ඒ මුහුදු පත්ලේ ගිනි කඳු පිපිරීමක් හේතුවෙන්
මෙම කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පැසිෆික් සාගරයේ ටොංගා රාජ්‍යයට කඩා වැදුණු අතර සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා ටොංගා රාජ්‍යය වෙත ගුවන් යානයක් යවා තිබෙන බව සඳහන්
මෙම පිපිරීමෙන් පැසිෆික් දූපත් අළුවලින් වැසී ගොස් ඇති අතර, විදුලිය විසන්ධි වී සන්නිවේදන ජාලාද විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මේ අතර එහි පුද්ගලයන් 80,000ක් පමණ පීඩාවට පත් විය හැකි බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසා තිබෙනවා
නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පවසා තිබෙන්නේ සුනාමිය සැලකිය යුතු හානියක් සිදු කර ඇති බවත් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවත්ය.