සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ බිරිඳ ඝාතනය කරයි

සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ බිරිඳ ඝාතනය කරයි

සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ටෙහෙරානය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසේදී එම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ගේ දියණිය නිවසට පැමිණි අවස්ථාවේ දී ඇය සිය පියාගේ සහ මවගේ මළ සිරුරු දැක ඇති අතර මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේවෙතත් අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Dariush Mehrjui සම්මාන රැසකට පාත්‍ර වූ අධ්‍යක්ෂවරයෙකු වන අතර සිනමා ජීවිතයට අමතරව ඔහු භාෂා පරිවර්තකයෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This