සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූකම්පනයක්

සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූකම්පනයක්

අද (25) අලුයම කාලයේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපක 7.3ක  ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා.

පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති අතර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

 

Share This