
සුහුරු කෘෂි ගම්මාන වැඩසටහනේ මූල්‍ය අවභාවිතාවක්
2023 වසරේ කුරුණෑගල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ සුහුරු කෘෂි ගම්මාන වැඩසටහන හරහා එවක නිලධාරීන් විසින් මහා පරිමාණ මූල්‍ය අවභාවිතාවක් සිදු කර ඇති බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා.
තොරතුරු වාර්තා වන්නේ ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවීන් මේ වනවිට දැඩි අපහුතාවට පත්ව ඇති බවටයි.
කුරුණෑගල,නාගොල්ලාගම ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ සුහුරු කෘෂි ගම්මාන වැඩසටහන යටතේ ආරක්ෂිත ගෘහ 26 ක් තුල බෝග වගා කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ 2023 වසරේදීයි.
ඒ එවකට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ ගොවිජන සංවර්ධනය දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීමෙන්.
ඒ සඳහා ගොවීන්ගෙන් මුදල් ද අයකරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ගොවීන් චෝදනා කරන්නේ කෙසේ වෙතත් එලෙස සකසන ලද ආරක්ෂිත ගෘහ නිසි ප්‍රමිතියෙන් සකසා නොමැති බවටයි.
අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර ගොවීන්ගේ මුදල් මෙන්ම රජයේ අරමුදල් අවභාවිතා කරමින් එවක කෘෂිකර්ම නිලධාරීන් සහ රජයේ බලධාරීන් කටයුතු කර ඇති බවට ගොවීන් චෝදනා කරනවා.