සෙවනගල සීනි උක් ගොවීන්ට තිත්ත වේ (VIDEO)

සෙවනගල සීනි උක් ගොවීන්ට තිත්ත වේ (VIDEO)

ගින්නට හසුවූ තම උක් අස්වැන්න සෙවණගල සීනි කර්මාන්ත ආයතනය විසින් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ බව පවසමින් උක් ගොවීන් පිරිසක් ඊයේ එම සීනි කර්මාන්ත ශාලාව වටලමින් විරෝධතාවක නිරත වුණා.

එහිදී උක් ගොවීන් සහ සීනි කර්මාන්ත ආයතනයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

සෙවණගල උක් වගාවේ නිරත ගොවීන් චෝදනා කළේ ගින්නට හසු වී තම උක් අස්වැන්න සෙවණගල සීනි ආයතන විසින් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන බවටයි.

උක් ගොවීන් සීනි ආයතනයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අවහිර වන සේ රැඳී සිටිමි විරෝධතාවයේ නිතර වුණා.

විරෝධතාව අතරතුර පැමිණි සීනි කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ උක් ගොවීන් අතර මෙලෙස උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

එම නිලධාරීන් අදාළ ස්ථානයෙන් පිටවීමට උත්සාහ කිරීමේදී කැබ් රථය අවහිර කළ විරෝධතාකරුවන් නැවත නිලධාරීන් ආයතනය තුළට හරවා යැවීමට ද කටයුතු කළා.

එහි සිටි එක් උක් ගොවියෙකු තම අස්වැන්න මිලදී නොගත හොත් ගිනි තබා ගන්නා බව පවසමින් මෙලෙස කලහකාරී ලෙස හැසිරුණා.

කෙසේ වෙතත් සෙවණගල පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කර ඉදිරි දිනයකදී බලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දු වීම හේතුවෙන් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර යාමට කටයුතු කර තිබුණා.

Share This