සේවක අවම වේතන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

සේවක අවම වේතන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව අද (11) කථානායකවරයා විසින් සිය සහතිකය සටහන් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වූ බව සඳහන්.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 48 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ලෙස හඳුන්වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

Share This