සේවක ගැටලු කියන්න WhatsApp අංකයක්

සේවක ගැටලු කියන්න WhatsApp අංකයක්

කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා.

තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා 0707 22 78 77 යන නව WhatsApp අංකය හඳුන්වා දුන් බවයි කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේ.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බවයි කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

Share This