
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ජුලි 8 දක්වා රක්ෂිත බාරයට – හිටපු අමාත්‍ය කෙහෙළියටත් අධි චෝදනා
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ජුලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(26) නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු අද (26) අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන පස්වරුවේ අධිකරණ ඉදිරිපත් කළා.
අල්ලස් පනතේ 23 (අ) වගන්තිය සමඟ කියැවිය යුතු දූෂණ විරෝධී පනතේ 109 වගන්තිය අනුව අල්ලස් මගින් හෝ දූෂණ විරෝධී පනතේ සඳහන් වැරදි මගින් වත්කම් රැස් කිරීමට අදාලව මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව අල්ලස් කොමිසම අධිකරණට දැනුම් දුන්නා.
මේ අතර, කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියන් තිදෙනා හා බෑණාට විරුද්ධව අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකෙරුණා.
අධි චෝදනා 43 ක් යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වැයිහේන, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 65 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද නියෝගය ප්‍රකාරව එම පනතේ 18 (අ) වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.
විත්තිකරුවන්ට චෝදනා කර ඇත්තේ 2020 වසරේ අගෝස්තු මස 13 වැනිදා සිට 2024 වසරේ ජුනි මස 24 වැනිදා දක්වා කාලය අතරතුර දී ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු කරමින් අයථා ලෙස වත්කම් උපයා ගැනීම තුළින් ලංකා දණ්ඩ නිතී සංග්‍රය යටතේ ගැනෙන වැරැදි සිදු කර ඇති බව පවසමින්.