සෞඛ්‍ය වෘත්තීය සමිති අද වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති අද වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 20ක් අද (18) සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු සැළසුම් කළ පරිදි අද (18) උදෑසන 8 සිට පැය 24 ක කාලයක් වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කළ බවයි එම සම්මේලනය සඳහන් කර සිටියේ.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා සහාය පළකර ඇති බව සඳහන්.

Share This