
සෞදි අරාබියට ගිය ට්‍රම්ප්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ආරම්භ කරමින් සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා.
සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිව්දින සංචාරයක් සඳහා එක්ව සිටින අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජනපදය තුළ සැලකිය යුතු ලෙස නව ආයෝජන ලබා ගැනීමට අපේක්ෂා කර ඇති බව සඳහන්.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව තිබෙනවා.