සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව අගමැති ධූරයට නම් කෙරේ

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව අගමැති ධූරයට නම් කෙරේ

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් රාජධානියේ අමාත්‍ය මණ්ඩලය නැවත සකස් කරමින් රාජකීය නියෝගයක් නිකුත් කර ඇති බව සෞදි පුවත්පත් ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම නියෝගයට අනුව, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අගමැති වනු ඇති

එමෙන්ම කලීඩ් බින් සල්මාන් කුමරු ආරක්‍ෂක අමාත්‍ය ධුරයට පත්වන අතර තුර්කි බින් මොහොමඩ් බින් ෆාහාඩ් බින් අබ්දුල් අසීස් කුමරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අබ්දුල්අසීස් බින් තුර්කි බින් ෆයිසාල් කුමරු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් පත් කිරීම මෙම නියෝගයට අනුව සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This