සෞදි අරාබියේ පාසල් මඟ හරින සිසුන්ගේ දෙමාපියන් සිරගත කරයි

සෞදි අරාබියේ පාසල් මඟ හරින සිසුන්ගේ දෙමාපියන් සිරගත කරයි

සෞදි අරාබියේ දරුවන් දින 20ක් පාසලෙන් බැහැරව සිටියහොත් ඔවුන්ගේ දෙමාපියන්ට සිර දඬුවම් විඳීමට සිදු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ක්‍රියාව රටේ ළමා ආරක්ෂණ නීතියට අනුකූලව සිදු කරන අතර ඉදිරි අධ්‍යයන වර්ෂයේ ගුණාත්මක අධ්‍යාපනය ඉහළ නැංවීම එහි අරමුණ වන බවයි Gulf News සඳහන් කරන්නේ.

ඒ අනුව ශිෂ්‍යයෙකු නීත්‍යානුකූල නිදහසට කරුණක් නොමැතිව දින 20 ක් පාසලට නොපැමිණෙන්නේ නම්, ඔවුන්ගේ භාරකරු ජාතියේ ළමා ආරක්ෂණ නීතිය යටතේ මහජන නඩු පවරන පරීක්ෂණයකට යටත් වීමට සිදුවනවා.

පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු නඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිසුවා නොපැමිණීම සම්බන්ධයෙන් දෙමාපියන් නොසැලකිලිමත්ව කටයුතු කළ බව ඔප්පු වුවහොත්, දෙමව්පියන්ට එරෙහිව සුදුසු සිර දඬුවමක් නියම කිරීමට විනිසුරුවරයෙකුට බලය ඇති බවයි එරට අධිකරණ අංශ සඳහන් කරන්නේ.

නොපැමිණෙන සිසුවාගේ භාරකරුට එරෙහි නීතිමය ක්‍රියා පටිපාටිය අදියර කිහිපයකින් සමන්විත වනවා.

එහිදී සිසුවා අයත් පාසලේ විදුහල්පතිවරයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අදාළ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම අනිවාර්ය වනවා.

ඉන්පසුව, රටේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නඩුවේ කටයුතු භාරගනු ලබනවා.

අනතුරුව පාසලට නොපැමිණීමට හේතුව තීරණය කිරීම සඳහා පවුල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශිෂ්‍යයාගේ සාක්ෂි එකතු කිරීමක් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This