සෞදියේ සිදුවූ බස් රථ අනතුරකින් 20ක් මරුට -29කට තුවාල (VIDEO)

සෞදියේ සිදුවූ බස් රථ අනතුරකින් 20ක් මරුට -29කට තුවාල (VIDEO)

සෞදි අරාබියේ සිදුවූ බස් රථ අනතුරකින් වන්දනාකරුවන් 20 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බස් රථය මක්කම වෙත වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටියදී නිරිතදිග අසීර් පළාතේ පාලමක ගැටී පෙරළී ගිනිගෙන තිබෙන බවයි පැවසෙන්නේ

තිරිංගවල ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම බස් රථය අනතුරට ලක්ව ඇති බව සඳහන් වූවත් බලධාරීන් තවමත් හේතුව විමර්ශනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This