හජ් වන්දනාවට පැමිණ මියගිය ගණන දහස ඉක්මවයි

හජ් වන්දනාවට පැමිණ මියගිය ගණන දහස ඉක්මවයි

මෙවර හජ් වන්දනාව අතරතුරදී දැඩි උණුසුම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් ඊජිප්තුවේ සිට පැමිණි අය වන අතර එම සංඛ්‍යාව 58ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව පාකිස්ථානය, මැලේසියාව, ඉන්දියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව, ඉරානය, සෙනගල්, ටියුනීසියාව සහ ඉරාකය යන රටවලින් පැමිණි වන්දනාකරුවන්ද මියගිය අය අතර වන බව සඳහන්.

මියගිය අය අතරින් 630 දෙනෙකු නියමිත පරිදි ලියාපදිංචි නොවී හජ් වන්දනාව සඳහා පැමිණි පුද්ගලයින් වන බවයි වාර්තා වන්නේ.

මෙම සතිය මුලදී මක්කම ආශ්‍රිතව උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.8කට ඉහළ අගයක් වාර්තා කර තිබුණා.

සෑම වසරකම වන්දනාකරුවන් දස දහස් ගණනක් අවිධිමත් මාර්ග හරහා හජ් වන්දනාව සඳහා පැමිණීමට උත්සාහ කරන අතර මේ හේතුවෙන් මෙවර වන්දනාකරුවන් විශාල පිරිසකට එළිමහනේ සිටිමින් වන්දනාමාන කටයුතු කිරීමට සිදුව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This