හජ් වන්දනාවේ ගිය 550ක් මරුට

හජ් වන්දනාවේ ගිය 550ක් මරුට

මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

මියගිය 550 දෙනාගෙන් 323 දෙනකු ඊජිප්තු ජාතිකයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මොවුන්ගෙන් වැඩි දෙනා දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවද සඳහන්.

එමෙන්ම දැඩි උණුසුම් කාලගුණය මැද බැතිමතුන් පොරකමින් වන්දනා කටයුතු සිදු කරද්දී, බොහෝ දෙනෙකු තෙරපී සිහිසුන් වූ බවත්, රෝහල්ගත කරන විටත් ඔවුන් මියගොස් සිටි බවත් සෞදි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This