හතු කෑමෙන් තිදෙනෙකු මරණයට පත්වීම නිසා ඕස්ට්‍රේලියානු කාන්තාවක් අත්අඩංගුවට

හතු කෑමෙන් තිදෙනෙකු මරණයට පත්වීම නිසා ඕස්ට්‍රේලියානු කාන්තාවක් අත්අඩංගුවට

පුද්ගලයින් තිදෙනෙකුට දිවා ආහාර වේලක් ලබා දුන් කාන්තාවකට එරෙහිව ඕස්ට්‍රේලියානු පොලිසිය මිනීමැරුම් චෝදනාවක් ඉදිරිපත් කර තිබෙනවා

ඇය දිවා ආහාර වේලට ලබාදුන් හතු වර්ගය විෂ වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්වූ බවයි පැවසෙන්නේ

මෙම සිදුවීම සම්බන්ධයෙන් Patterson නැමැති 49 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනීමැරුම් තුනක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා පහක් සම්බන්ධයෙන් ඇය චෝදනා ලබා ඇති බවයි වික්ටෝරියා පොලිසිය තහවුරු කරන්නේ .

දකුණු වික්ටෝරියා ප්‍රාන්තයේ Leongatha නගරයේ පිහිටි ඇගේ නිවසේදී Patterson අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පවසන්නේ Patterson ජූලි මස අගදී ඇගේ හිටපු මාපියන්ට සහ ඇගේ නැන්දම්මාගේ සොහොයුරියට සහ සැමියාට කෑමක් පිළිගැන්වූ බවයි

ආහාර ගැනීමෙන් දින කිහිපයකට පසු, ඇගේ හිටපු නැන්දම්මා 70 හැවිරිදි ගේල් පැටර්සන්, 66 හැවිරිදි ගේල්ගේ සහෝදරිය හෙදර් විල්කින්සන් සහ ගේල්ගේ 70 හැවිරිදි සැමියා ඩොන් රෝහලේදී මිය ගොස් තිබෙනවා

අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ .

Share This