හදන දුම්රිය මඟේ යතුරුපැදියෙන් ගොස් සිසුවෙක් මරුට
ගල්ගමුව ඉන්ධන පිරවුම්හල පිටුපස ප්රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටී පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.
එම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මේ තිදෙනා ඉදි කෙරෙමින් පවතින දුම්රිය මාර්ගය දිගේ පාළෙකඩවල සිට ගල්ගමුව නගරය දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවූ පාළුකඩවල ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක්.
අනෙක් සිසුන් දෙදෙනා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් සිසුවෙක් ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.