හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් වැඩිම කාලයක් ජීවත් වූ Bert Janssen ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වෙයි

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් වැඩිම කාලයක් ජීවත් වූ Bert Janssen ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වෙයි

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් වැඩිම කාලයක් ජීවත් වූ පුද්ගලයා ලෙස නෙදර්ලන්තයේ 57 හැවිරිදි Bert Janssen ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වී තිබෙනවා

1980 ගණන්වල වයඹ ලන්ඩනයේ Uxbridge හි Harefield රෝහලේදී ඔහුට ලැබුණු පරිත්‍යාගශීලී හදවත බද්ධ කිරීමෙන් පසු වසර 40 කට ආසන්න කාලයක් ජීවත්ව ඇති බවයි පැවසෙන්නේ .

ශරීරය පුරා රුධිරය පොම්ප කිරීමට හදවතට ඇති හැකියාවට බලපාන හෘද රෝගය වෙනුවෙන් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා

ඔහුගේ පරිත්‍යාගශීලියා ඔහුට දුන් ඇදහිය නොහැකි තෑග්ගට තවමත් කෘතඥ වෙනවා යැයිද ඔහු සඳහන් කරනවා

වයස අවුරුදු 17 දී උණ වැනි රෝග ලක්ෂණ ඇති වීමෙන් පසු Bert Janssenට හෘද රෝග ඇති බව හඳුනා ගෙන ඇති බව සඳහන්

1984 ජූනි 6 වැනි දින ශල්‍යකර්මය සිදු කර ඇති අතර සැත්කම කරන විට ඔහු 18 හැවිරිදි වියේ පසුවූණා

Share This