හන්තානේ නැග්ග ළමුන් 08 ක් අතරමං වෙලා

හන්තානේ නැග්ග ළමුන් 08 ක් අතරමං වෙලා

මහනුවර හන්තාන කන්ද තරණයට ගොස් අතුරුදන්ව සිටි 12 හැවිරිදි දරුවෙකු ඇතුළු ළමුන් 08 දෙනෙකුගේ කණ්ඩායමක් පැය 8ක පමණ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.

ඔවුන් සෙවීමේ මෙහෙයුමට ඊයේ රාත්‍රියේ යුද හමුදාව හා පොලිසියද එක්ව සිටියා.

තලාතුඔය පොලිස් වසමේ රටේමුල්ල ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් ඊයේ හන්තාන කන්ද තරණයට ගොස් තිබුණා.

ඥාතීන් පිරිසක් වන මොවුන් අතර 12 හැවිරිදි දරුවෙකු ද සිට ඇති අතර, ඊයේ රාත්‍රි 07.30ට පමණ තලාතුඔය පොලිසියට ඇමතුමක් ලැබී තිබුණේ මාර්ගය සොයාගත නොහැකිව එම පිරිස හන්තාන කටුසුකොන්ද කන්ද ප්‍රදේශයේ අතරමංව සිටින බවටයි.

ඒ අනුව තලාතුඔය පොලිසිය සහ යුද හමුදාව එක්ව ඔවුන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

පැය 08ක පමණ මෙහෙයුමකින් පසු අද අලුයම 02ට පමණ මුදාගැනීමේ කණ්ඩායම් සිසුන් සිටින ස්ථානය හඳුනාගෙන ඔවුන් වෙත ළඟා වී තිබෙනවා.

අනතුරුව ළමුන් 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ සහය ඇතිව රෝහල් ගත කිරීමට කටයුතු කළා.

අතුරමං වූ සිසුන්ගේ දෙමාපියන් සිදුකළ දැනුම් දීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ද එම ස්ථානයට පැමිණ සිටියා.

පොලිසිය සඳහන් කළේ පේරාදෙණිය රෝහලට ඇතුලත් කළ සිසුන් 08 දෙනා වෛද්‍ය පරීක්ෂාවලින් අනතුරුව මේ වන විට නිවෙස් වෙත ගොස් ඇති බවයි.

 

Share This