හඳුනා නොගත් රෝගයක් ටැන්සානියාවේ – 5ක් මරුට

හඳුනා නොගත් රෝගයක් ටැන්සානියාවේ – 5ක් මරුට

වයඹදිග ටැන්සානියාවේ හඳුනා නොගත් රෝගාබාධයකින් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීහු සඳහන් කරනවා.

කාගේරා කලාපයේ මේ වන විට රෝගීන් 7 ක් වාර්තා වී ඇති අතර රෝගය හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරුන් කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම රෝගයේ ලක්ෂණ ලෙස උණ, හිසරදය, තෙහෙට්ටුව සහ නාසයෙන් ලේ ගැලීම දක්නට ලැබෙන බව එරට රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි Tumaini Nagu පවසනවා.

“මෙම හඳුනා නොගත් රෝගය පිළිබඳව විමර්ශනය කිරීමට රජය විසින් පියවර ගෙන ඇති බවයි Tumaini Nagu සඳහන් කර තිබෙන්නේ

සන්සුන්ව සිටින ලෙසත් ආසාදිත පුද්ගලයින් සමග සම්බන්ධ වීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This