
හම්බන්තොට අලි එළවන මෙහෙයුම් තවදුරටත්
හම්බන්තොට වනඅලි පලවා හැරීමේ මෙහෙයුම යටතේ සූරියවැව අඩි සීය මාර්ගයේ බුරුතන් කන්ද ප්රදේශයේ සිටි වන අලින් කිහිපදෙනෙකු දෙනෙකු ඇතුළු තවත් ස්ථාන කීපයක සිටි වන අලින් කීපදෙනෙකු ඊයේ සවස සිට රාත්රීය දක්වා සිදුකරන ලද මෙහෙයුමකින් වල්සපුගල ප්රදේශය දක්වා ගෙන ඒමට හැකිවූ බව වනජීවී නිලධාරීන් පවසනවා.
එසේ රැගෙන එනු ලැබූ වන අලින් අද දිනයේදී පෙර පරිදි හම්බන්තොට නාගරවැව අධිවේගී මාර්ගයේ වන අලින්ට හුවමාරු වීම සඳහා තනා ඇති ස්ථානයෙන් වන අලි කළමනාකරණ රක්ෂිතය ප්රදේශයට ඇතුළු කිරීමට උත්සහ කරන බවද ප්රදේශය භාරවනජීවී නිලධාරීන් සඳහන් කළා.
ඒ ආකාරයෙන් මෙහෙයුම ආරම්භ කල දින සිට මේ දක්වා වන අලින් 34 දෙනෙකු සාර්ථකව වන අලි කළමනාකරණ රක්ෂිතයට පලවා හැරීමට හැකිවූ බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
