හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථකයි
වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථක වී තිබෙනවා.
රට තුළ පැවැති කීරි සම්බා සහල් හිඟය සැළකිල්ලට ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ බිත්තර වී සදහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇති බව සඳහන්.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් ගොවි භාරකාර අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 500ක බිත්තර වී සඳහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් මෙවර යල කන්නයේ දී ආරම්භ කර තිබෙනවා.
මෙහිදී ගොවීන් 310කට කීරි සම්බා වගාව සඳහා අවශ්‍ය බිත්තර වී සහ අනෙකුත් යෙදවුම් සැපයීම වී අලෙවි මණ්ඩලය විසින් සපයා ඇති බව සඳහන්.
මින් පෙර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ කීරි සම්බා වගාව ජනප්‍රිය නොවුනු අතර මේ වනවිට ගොවීහු විශාල පිරිසක් කීරි සම්බා වගාවට යොමු වී සිටින බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කර ඇති අතර වගාවේ අස්වනු නෙලීම ඉදිරි සතියේ සිදු කිරීමට නියමිතයි.
මෙහි සමස්ථ අස්වැන්න වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට සැළසුම් අතර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.
එළැඹෙන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ අක්කර 2000ක කීරි සම්බා වගා කිරීම සඳහා කටයුතු යොදන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දී ඇති බව සඳහන්.