හම්බන්තොට රෝහලේ නිර්වින්දන දොස්තර මැඩම් රට පැනලා (VIDEO)
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරිනී අයි. ජී. ගගනී ප්‍රදීනන්දිස් මහත්මිය නොදන්වා රටින් පිටව ගොස් රෝහල් අධ්යක්ෂ වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් දන්වා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
රට හැර යෑමට පෙර අදාළ වෛද්‍යවරිය 2024.03.12 සිට 2024.03.16 දක්වා නිවාඩු ඉල්ලුම් පත්‍රයක් මගින් අනියම් නිවාඩු අනුමත කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව 2024.03.13 වැනිදා මෙම වෛද්‍ය නිලධාරිනිය රෝහල් අධ්යක්ෂ වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් තමන් විදෙස්ගත වූ බව දන්වා තිබෙනවා.
එමෙන්ම එම වෛද්‍යවරියගේ කිසිදු පෞද්ගලික ලිපිගොනුවක් හම්බන්තොට මහ රෝහල සතුව නොමැති බවත්, කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයැදුම්පතක් රෝහල් අධ්යක්ෂ වෙත යොමු කිරීමක් කර නොමැති බවත් සඳහන් වී තිබෙනවා.
හම්බන්තොට රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩිසත්කාර ඒකක 2 ක් ක්‍රියාත්මකයි.
එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පමණක් එය සිදු කර නොහැකි බවත් කඩිනමින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු ලබා දීමට කටයුතු කරන ලෙසත් රෝහල් අධ්යක්ෂ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ට යැවූ එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම මේ වන විට හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් විශාල පිරිසක් විදේශගතව ඇති බව සඳහන්.
මේ පිළිබඳ හම්බන්තොට මහ රෝහලේ සෙසු වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ දිනකට රෝගීන් 1500කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන හම්බන්තොට මහ රෝහලේ සියලු අංශ කඩා වැටීමට පෙර බලධාරීන්ගේ නෙත යොමුවී, වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.