හමාස් නායකයා නව සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා සඳහා කයිරෝවට

හමාස් නායකයා නව සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා සඳහා කයිරෝවට

හමාස් නායක Ismail Haniyeh ගාසා තීරයේ නව සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා සඳහා කයිරෝවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ අතර ඊශ්‍රායල ජනාධිපති Isaac Herzog පවසා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගාසා තීරයේ තවත් මානුෂීය විරාමයකට තම රට සූදානම් බවයි

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සටන් විරාම යෝජනාවක් ලබා ගැනීමේ උත්සාහයන් නැවත ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

ජනාධිපති ජෝර්ජ් වීගේ නියෝගයකට අනුව ලයිබීරියාව ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයකට එරෙහිව ඡන්දය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද සඳහන්

Share This