හමාස් නියෝජ්‍ය නායකයෙකු බෝම්බ ප්‍රහාරයකින් මරුට

හමාස් නියෝජ්‍ය නායකයෙකු බෝම්බ ප්‍රහාරයකින් මරුට

හමාස් නායකයෙකු වූ Saleh al-Arouri බේරූට්හි දී ඝාතනය කිරීම ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයක් නොවන බව ඊශ්‍රායලය අවධාරණය කර තිබෙනවා

ඊශ්‍රායල ප්‍රකාශකයෙකු පැවසුවේ හමාස් නායකත්වයට එරෙහි එල්ල කළ ප්‍රහාරයකින් Saleh al-Arouri මිය ගිය බවයි.

හමාස් සංවිධානය මෙම මරණය හෙළා දකින අතර එය ලෙබනන් ස්වෛරීත්වයට පහරදීමක් බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කරනවා

මේ අතර ලෙබනනයේ අගමැති ඊශ්‍රායලය ලෙබනනය ගැටුමකට ඇද දැමීමට උත්සාහ කරන බවටයි චෝදනා කර තිබෙන්නේ

ලෙබනන් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ හමාස්හි නියෝජ්‍ය දේශපාලන නායකයෙකු වන Saleh al-Arouri හමාස් හමුදාපතිවරුන් දෙදෙනෙකු සහ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු සමග සිටියදී දකුණු බීරූට් හි ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය ගිය බවයි.

ඔහු හමාස් සන්නද්ධ අංශය වන කසාම් බලකායේ ප්‍රධාන චරිතයක් වූ අතර හමාස් නායක ඉස්මයිල් හනියේගේ සමීප සගයෙක්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඔහු තම කණ්ඩායම සහ හිස්බුල්ලා සංවිධානය අතර සම්බන්ධයක් ලෙස ක්‍රියා කරමින් ලෙබනනයේ සිට ඇති බවයි පැවසෙන්නේ

57 හැවිරිදි Saleh al-Arouri ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය කණ්ඩායම සමග යුද්ධයට ගිය පසු ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම හමාස් පුද්ගලයා වනවා .

Share This