හමාස් සංවිධානය සමග යුද්ධය තවත් මාස කිහිපයක් පැවතිය හැකියි – ඊශ්‍රායල ආරක්ෂක ඇමති

හමාස් සංවිධානය සමග යුද්ධය තවත් මාස කිහිපයක් පැවතිය හැකියි – ඊශ්‍රායල ආරක්ෂක ඇමති

ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමති හමාස් සංවිධානය සමග යුද්ධය තවත් මාස කිහිපයක් පැවතිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා

මේ අතර ඊශ්‍රායල අගමැති නැවතත් නිරපේක්ෂ ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රතිඥා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

දැනට පවතින ගැටුමේ තීව්‍ර අදියර සති දෙක තුනකින් අවසන් කළ හැකි බව ඊශ්‍රායලය එක්සත් ජනපද නිලධාරීන්ට ද පවසා ඇතැයි වාර්තා වනවා .

එමෙන්ම ගාසා තීරයේ සිවිල් ජීවිත බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙන්නේ

ගාසා තීරයේ දෙවන නගරය වන ඛාන් යුනිස් වෙත ඊශ්‍රායල භූමි ආක්‍රමණය තීරණාත්මක තත්ත්වයක පවතින බවද සඳහන්

එම කලාපයේ ප්‍රධාන ටෙලිකොම් සමාගමට අනුව ගාසා තීරය පුරා අන්තර්ජාල සහ දුරකථන ජාල ඊයේ (14) සිට යළිත් අඩපණ වී තිබෙනවා

හමාස් සංවිධානය ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් 1,200 ක් මරා දමා 240 ක් ප්‍රාණ ඇපයට ගත් බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙක් කෙටි සටන් විරාමයක් අතරතුර නිදහස් කරනු ලැබුවා

හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා 18,700 කට වැඩි පිරිසක් මිය ගොස් 50,000 ක් තුවාල ලබා ඇති බවයි.

Share This