හමාස් සටන්කාමී කණ්ඩායමට එරෙහිව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් ප්‍රතිප්‍රහාර අරඹයි

හමාස් සටන්කාමී කණ්ඩායමට එරෙහිව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් ප්‍රතිප්‍රහාර අරඹයි

හමාස් සටන්කාමී කණ්ඩායමට එරෙහිව ඊශ්‍රායලය විශාල බලයක් යොදවන බවට අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබෙනවා

ඔහු පවසන්නේ දශක ගණනාවකට පසු ඊශ්‍රායල භූමියට එල්ල වූ දරුණුතම ප්‍රහාරයට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රතිප්‍රහාර දැන් ආරම්භ වී ඇති බවයි.

පසුගිය සෙනසුරාදා එල්ලවූ හදිසි ප්‍රහාරයෙන් සංගීත උත්සවයකදී හමාස් තුවක්කුකරුවන් විසින් සමූලඝාතනය කළ පුද්ගලයන් 260ක් ද ඇතුළුව ඊශ්‍රායලයේ 900ක් පමණ මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඊශ‍්‍රායලය ඊට ප‍්‍රතිචාරයක් වශයෙන් ගාසා තීරයට ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගත් දා සිට පලස්තීන පාර්ශ්වයෙන් 690කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා

හමාස් සන්නද්ධ අංශය සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමකින් තොරව ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කරන සෑම අවස්ථාවකම ප්‍රාණ ඇපකරුවෙකු මරා දමන බවට තර්ජනය කර ඇති බවද වාර්තා වනවා

බොහෝ පිරිසක් හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This