හමාස් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු සැපයුම්වලට ඉඩ දෙන්නේ නෑ – ඊශ්‍රායලය

හමාස් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු සැපයුම්වලට ඉඩ දෙන්නේ නෑ – ඊශ්‍රායලය

ඊජිප්තුව මානුෂීය ආධාර සඳහා රෆා හරස් මාර්ගය විවෘත කිරීමට එකඟ වී ඇති නමුත් ඊශ්‍රායලය පවසන්නේ හමාස් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු තම භූමියෙන් සැපයුම්වලට ඉඩ නොදෙන බවයි.

නමුත් මානුෂීය ආධාර සම්මත කිරීම සඳහා රෆා හරස් මාර්ගය විවෘත කරන්නේ කවදාද යන්න පිළිබඳව සඳහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පලස්තීන සෞඛ්‍ය නිලධාරීන්ට අනුව ගාසා තීරයේ පුද්ගලයින් 3,500 කට ආසන්න පිරිසක් මේ වනවිට මියගොස් තිබෙනවා .

මිලියන සංඛ්‍යාත ජනතාවක් සිරවී සිටින තත්ත්වයන් පාලනය කර ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය කණ්ඩායමක් වන හමාස් අතුගා දැමීමට ඊශ්‍රායලය ප්‍රතිඥා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔක්තෝබර් 7 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 1400 දෙනෙකුට ජීවිත අහිමිවුණා

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල යුද කලාපයේ පැය හතක පමණ කාලයක් ගත කිරීමෙන් පසු නැවත එක්සත් ජනපදයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This