හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ව්‍යර්ථ කළ බවට ඉරාන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ව්‍යර්ථ කළ බවට ඉරාන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

ඉස්ෆහාන් නගරයේ හමුදා කඳවුරකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් තමන් විසින් ව්‍යර්ථ කළ බව ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ඩ්‍රෝන යානා තුනක් සම්බන්ධ වී ඇති නමුත් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බවද ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

එක් ඩ්‍රෝන යානයක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති අතර ඉතිරි ඩ්‍රෝන යානා දෙක ගොඩනැගිල්ලකට සුළු හානි සිදු කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබෙන්නේ

ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdullahian පැවසුවේ මෙය රට අස්ථාවර කිරීමේ උත්සාහයක් බවයි.

පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිග් ජෙනරල් පැට්‍රික් රයිඩර් ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජනපද හමුදාව ප්‍රහාර සඳහා කිසිදු දායකත්වයක් නොදැක්වූ බවයි.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ යුක්‍රේන- රුසියා යුද්ධයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් වූ ගැටළු මධ්‍යයේ බවයි සඳහන් වන්නේ.

IRNA ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රහාරය පතොරම් නිෂ්පාදන කම්හලක් ඉලක්ක කර ගෙන ඇති බවයි.

Share This