හරිනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඉන්දියාවට කියයි

හරිනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඉන්දියාවට කියයි

මෙහිදී දෙමළ භාෂා මාධ්‍යයේ පවතින ගුරු හිඟය ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා දැනුවත් කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

 

මෙහිදී අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් සහයෝගිතාවක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාව අවධාරණය කළා.

 

දෙමළ භාෂා මාධ්‍යයේ පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී මෙරට ඉන්දියානු මහ කොමසාරිස්වරයා දැනුවත් කළා.

 

දැනට මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳ පැහැදිළි කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා වතු පාසල් ව්‍යාපෘති, සුහුරු පන්තිකාමර සහ ගුරු පුහුණු වැඩසටහන් පිළිබඳ පුළුල් ලෙස කටයුතු පැහැදිළි කළා.

 

අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියානු රජයේ ඇති උනන්දුව ප්‍රකාශ කළ මහ කොමසාරිස්වරයා දෙරටේ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍යත්ව ලබාදීම සඳහා මෙම සහයෝගිතාවයේ වැදගත්කම අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

 

Share This