
හල්දුම්මුල්ල, ඉලුක්පැලැස්ස,දඹගහආර සහ ලුණුගල කන්ද රක්ෂිතවල කංසා වගාවන් වනසයි
කංසා පැල 28,550 ගලවා ගිනි තබා විනාශ කිරීමට බණ්ඩාරවෙල පොලීසිය කටයුතු කළා.
මෙම කන්සා පැළ වගාව සොයාගෙන ඇත්තේ හල්දුම්මුල්ල, ඉලුක්පැලැස්ස , දඹගහආර සහ ලුණුගල කන්ද රක්ෂිතවල වගාකර තිබිය දීයි.
පොලීසිය පැවසුවේ කංසා හේන් 8 ක අක්කර 6 ක පමණ ප්රදේශයක මෙම කංසා වගා කර තිබූ බවයි.
වැටලීමේ දී එක් හේනක සිටි ඉලුක්පැලැස්ස ප්රදේශයේ 52 හැවිරිදි පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.