හසීනාගේ චෝදනාවට අමෙරිකාවෙන් පිළිතුරු

හසීනාගේ චෝදනාවට අමෙරිකාවෙන් පිළිතුරු

තමා බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ අමෙරිකාව බවට බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා දිගින් දිගටම කරනු ලබන චෝදනාවන්ට ධවල මන්දිරය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහිදී අමෙරිකානු බලධාරීන් අවධාරණය කර ඇත්තේ බංග්ලාදේශයේ පසුගිය කාලයේ ඇතිවූ අරගල තත්ත්වයට තම රටෙහි කිසිඳු මැදිහත්වීමක් නොමැති බවයි.

කෙසේවෙතත් බංග්ලාදේශයෙන් ඉන්දියාවට පළා ගිය පසු ෂෙයික් හසීනා දැඩිව කියා සිටියේ බෙංගාල බොක්කෙහි පාලනයට වොෂින්ටනයට අතපෙවිය හැකි ශාන්ත මාර්ටින් දූපතේ ස්වවෛරීභාවය ඔවුන්ට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අමෙරිකාව තමන් රටින් නෙරපා හැරීමට සැළසුම් කළ බවයි.

බෙංගාල බොක්කේ ඊසාන දිග කොටසෙහි පිහිටා ඇති වර්ග කිලෝමීටර් 3ක පමණ භූමි ප්‍රදේශයකින් යුත් ශාන්ත මාර්ටින් දූපත භූ දේශපාලනික වශයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුතු වීම ඊට හේතුව බවයි හසීනා පවසන්නේ.

Share This