
හාලි ඇල ස.ජ.බ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් කළු ඇඳගෙන විරෝධයක
හාලි ඇල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට අයත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් කළු ඇදුමෙන් සැරසී සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට එරෙහිව විරෝධතාවයක නිරත වුණා.
හාලි ඇල නගරය හරහා ගමන් කළ ඔවුන් ප්‍රාදේශීය සභාව ඉදිරියට පැමිණ නිහඩ විරෝධයක් දක්වමින් විරෝධතා පුවරු ඔසවාගෙන සිටියා.
ඔවුන් එහිදී රජයෙන් ඉල්ලා සිටියේ මහජන නියෝජිතයන්ට තම දේශපාලන කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසයි.
