හැටන් – කොළඹ මාර්ගයේ පස් ඉවත් කිරීම කඩිනම් කරයි

හැටන් – කොළඹ මාර්ගයේ පස් ඉවත් කිරීම කඩිනම් කරයි

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරිම කඩිනම් කිරිමට පියවර ගත් බව හැටන් කොට්ඨාශ භාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පවසනවා.

හැටන්, ශැනන්, වටවල, දියගල සහ කළුගල යන ස්ථානවල ප්‍රධාන මාර්ගයට විශාල පස් කඳු කඩා වැටී ඇති අතර, එම මාර්ගවල රථවාහන ගමනා ගමනයට එක් මංරුවක් විවෘත කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය පෞද්ගලික අංශය සමග එක්ව බැකෝ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් පස් ඉවත් කරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ වන විට එම මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන අතර, අද(01) පස්වරුව වන විට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සදහා එක් මන්තීරුවක් විවෘත කරන බවයි ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ.

Share This