හැරී කුමරු මේගන් නොමැතිව රාජාභිෂේකයට

හැරී කුමරු මේගන් නොමැතිව රාජාභිෂේකයට

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු III වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සිය බිරිඳ වන මේගන් කුමරිය නොමැතිව සහභාගී වීමට නියමිත බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.

මේගන් කුමරිය රාජාභිෂේකයට සහභාගී නොවී සිය දරුවන් දෙදෙනා සමග කැලිෆෝනියාවේ රැඳී සිටිනු ඇති බවයි බකිංහැම් මාලිගය පවසන්නේ.

වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන III වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට අමුත්තන් 2,000 ක් පමණ එක්වීමට නියමිතව තිබෙනවා.

මේගන් නොපැමිණීමට ගත් තීරණය අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය රජ පවුල තුළ නොවිසඳුණු ආතතීන්ගේ සලකුණක් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.

Share This