හැරී පෝටර් මාලිගයට රුසියානු ප්‍රහාරයක් – පස් දෙනෙකු මරුට (VIDEO)

හැරී පෝටර් මාලිගයට රුසියානු ප්‍රහාරයක් – පස් දෙනෙකු මරුට (VIDEO)

යුක්‍රේනයේ හැරී පෝටර් මාලිගයට රුසියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව යුක්‍රේනයේ දකුණු වරාය වන ඔඩේසා වෙත රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පස් දෙනෙකු මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙම මිසයිල ප්‍රහාරයෙන් “Harry Potter castle” නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලට හානි සිදුවී ඇති අතර එම ගොඩනැගිල්ල යුක්‍රේනයේ හිටපු ප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රී Serhiy Kivalov ගේ නිවස බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This