හික්කඩුව නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද 01 කින් පරදී

හික්කඩුව නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද 01 කින් පරදී

ජාතික ජන බලවේගය බලය හොබවන හික්කඩුව නගර සභාවේ 2026 අයවැය කෙටුම්පත අද (26) හික්කඩුව නගර සභාව වෙත ඉදිරිපත් කළා.

මෙම යවැය වාර්තාව ඉදිරිපත් කළේ එහි සභාපති යසස්වින් ගොඩකන්ද මහතායි.

මේ පිළිබඳ ඡන්ද විමසීමේ දී හික්කඩුව නගර සභාවේ අයවැය වැඩි ඡන්ද එකකින් පරාජයට පත්ව තිබෙනවා.

පක්ෂව ඡන්ද 09ක් ද විපක්ෂව ඡන්ද 10ක් ද ඊට ලැබී තිබුණා.

නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය සභික සංඛ්‍යාව 09 ක්.

සභික යින් 10 දෙනකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා.

Share This