හිටපු අගමැති ඉම්රාන්ට එරෙහිව පෙළගැසුණු පාකිස්ථාන පොලිසිය

හිටපු අගමැති ඉම්රාන්ට එරෙහිව පෙළගැසුණු පාකිස්ථාන පොලිසිය

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අගමැතිව සිටියදී විදේශ ප්‍රභූවරුන්ගෙන් ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධ නඩුවකට අදාළව ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් ඔහුගේ ලාහෝර් නිවසට ගොස් තිබෙනවා.

එරට අධිකරණයක් හිටපු අගමැතිවරයාට ඇප දිය නොහැකි වන පරිදි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර ඔහු එම චෝදනා අසත්‍ය බව ප්‍රකාශ කරමින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඛාන් අග්‍රාමාත්‍යවරයා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් පරාජයට පත්වූ පසු බලයෙන් ඉවත් කර තිබූ අතර ඔහුට එරෙහිව ත්‍රස්තවාදයේ සිට දූෂණය දක්වා නඩු දුසිම් ගණනක් එරට පාලන පක්ෂය විසින් ගොනු කර තිබෙනවා.

පාකිස්ථානු පොලිස් නිලධාරීන් නැගෙනහිර ලාහෝර් නගරයේ ඛාන්ගේ “සමාන් පා‍ර්ක්” නිවසේ දොරටු ඉදිරිපිට රැකවල්ලා සිට තිබෙන අතර ඔහුගේ ආධාරකරුවන් සහ PTI සාමාජිකයින් සිය පක්ෂ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සිය ගණනින් රැස්ව සිට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

Share This