
හිටපු අමාත්‍ය මනුෂ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද(15) පැමිණියා.
වාර්තා වූයේ ඔහු මීට ස්වල්ප වේලාවකට පෙර කොමිසම වෙත පැමිණි බවයි.
පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මනුෂ නානායක්කාර මහතා මෙලෙස කැඳවා තිබුණා.
කෙසේවෙතත් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නිෂ්ප්‍රභ කළා.
හිටපු අමාත්‍යවරයාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ අල්ලස් කොමිසමට තම සේවාදායකයා ඉදිරිපත්වන බවයි.