හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ අධිකරණයට

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූවා

ඒ 2014 වසරේ අග භාගයේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් හැට එක් ලක්ෂ 46,110ක මුදලක් එම කටයුත්ත සඳහා භාවිත නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීමයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ

ඒ අනුව එම මුදල් සාපරාධී සාවධ්‍ය පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් කර ඇති බවට අනාවරණය වී ඇති බැවින් නීතිපතිවරයාගේ උපදෙස් මක මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා

Share This