හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8කට දෝහා අධිකරණයකින් මරණ දඩුවම

හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8කට දෝහා අධිකරණයකින් මරණ දඩුවම

ඔත්තු බැලීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දෝහා හි සමාගමක සේවයේ නිරතව සිටි හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබෙනවා.

දෝහා හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් එම දඩුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය රජය අදාළ තීන්දුව සම්බන්ධයෙන් සිය සංවේගය මෙන්ම කනස්සල්ල පළ කර ඇති අතර එම දඩුවම ඉවත් කර ගැනීමට අවශ්‍ය විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.

මරණ දඩුවම නියම වූ ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනා 2022 අගෝස්තු මාසයේ සිට කටාර් බලධාරීන් භාරයේ සිට ඇති බව සඳහන්.

Share This