හිටපු චීන අගමැති Li Keqiang මියයයි

හිටපු චීන අගමැති Li Keqiang මියයයි

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය Li Keqiang, අද (27) අලුයම Shanghai හිදී හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවුණා.

පසුගිය වසරේ අගභාගය වන තුරුම නාමිකව චීනයේ අංක 2 නායකයා වූ Li, ප්‍රබල නායක Xi Jinping යටතේ 2013 සිට මේ වසරේ මාර්තු දක්වා දශකයක් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආර්ථිකය භාරව කටයුතු කළා.

ඔහු පාලනයේ සිටි කාලය තුළ, එක්සත් ජනපදය සමග නැගී එන තාක්‍ෂණය සහ වෙළඳ ආතතීන්, රජයේ ණය සහ විරැකියාව සහ Covid-19 වසංගතය යන අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් හරහා Li ලොව දෙවන විශාලතම ආර්ථිකය තුළ ක්‍රියාකිරීමට සමත් වූ බවයි සඳහන් වන්නේ.

රැකියා ඉහළ නැංවීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට දරන ප්‍රයත්නයන්ට ඔහු සහය වී තිබෙනවා. .

විදෙස් රටවල පෙනී සිටීමේදී ඔහුගේ ඉංග්‍රීසි භාෂා කුසලතාව නිසා, රට වඩ වඩාත් හුදකලා වී ඇති අවස්ථාවක, ලෝකය සමග චීනයේ සබඳතා සඳහා වෙනස් ප්‍රවේශයක් නියෝජනය කිරීමට සමත් වූ නායකයෙක් වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This