හිටපු ජනපති යළි පැමිණිවිට ඝාතනය කිරීමේ සූදානමක් නෑ -බොට්ස්වානා රජය

හිටපු ජනපති යළි පැමිණිවිට ඝාතනය කිරීමේ සූදානමක් නෑ -බොට්ස්වානා රජය

පිටුවහල් කරන ලද හිටපු ජනාධිපති Ian Khama ආපසු සිය රටට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට සැළසුම් කර ඇති බවට කරන ප්‍රකාශ බොට්ස්වානා රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා AFP ප්‍රවෘත්ති සේවයට පවසා තිබෙන්නේ 2021 වසරේ සිට පිටුවහල් කර ඇති ඔහුව දකුණු අප්‍රිකාවේ සිට නිවසට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන වස දීමේ සැළසුම් පිළිබඳ තොරතුරු තමා සතුව ඇති බවයි.

බොට්ස්වානා රජය ලබන වසරේ මහ මැතිවරණයට පෙර ඔහුගේ පැමිණීමට බියවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

පැමිණ දින කිහිපයක් ඇතුළත තමා අත්අඩංගුවට ගන්නා බව බොහෝ දුරට විශ්වාස බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී බොට්ස්වානා රජය විසින් හිටපු ජනාධිපති Ian Khama අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේ නීතිවිරෝධී ලෙස ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාව මත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This