හිටපු ජනාධිපති රනිල් අද සවස CID යට

හිටපු ජනාධිපති රනිල් අද සවස CID යට

මෙරටට ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙකුම මේ වන විටත් සීඅයිඩීය හමුවේ ප්‍රකාශ ලබාදී තිබෙනවා.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ප්‍රකාශයක් ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

Share This