හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් නිවේදනයක්

විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති පසුබිමක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සුවිශේෂී තත්වයක්.

ඒ අනුව අපේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරවන බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එතුමිය පවසන්නෙ, එය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල සාරයට එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි.

මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණම ඉක්මවා යන අතර සමස්තයක් ලෙස අපගේ සමාජයේ අයිතිවාසිකම් සඳහා අනතුරක් බවත් හිටපු ජනාධිපතිතුමිය පෙන්වා දෙනවා.

සියලුම දේශපාලන නායකයින් මේ වෙනුවෙන් විරුද්ධ වනවා සේම , තමාද ඊට දැඩි විරෝධයක් ප්‍රකාශ කරන බවත් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කරනවා.

Share This