
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේට ඇප
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමටයි.
ඉන් අනතුරුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.
පැමිණිල්ල ජනවාරි 10 වැනි දා කැඳවීමටද නියම කළේය.
